Article

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි

23 views

Sri Lanka President prorogues parliament until May 8

ඊයේ  බ්‍රහස්පතින්දා  12 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  70 වැනි ව්‍යවස්ථාවට  අනුකූලව පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරිමේ  ව්‍යවස්ථානුකූල අයිතිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කර ඇති බව රජය නිවේදනය කරයි.

මේ අනුව ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරය 2018 මැයි 08 වැනිදා ආරම්භ වේ. මෙම මස 18 වැනිදා පාර්ලිමේන්තුව යලි කැදවීමට කලින් නියමිතව තිබිණි.මේ කාලය තුළ පාර්ලිමේන්තුව තුළ කිසිදු යෝජනාවක් හෝ ප්‍රශ්ණ සභාගත නොකළ හැකි අතර පාර්ලිමේන්තුව විසින් කලින් ගත්  ක්‍රියාමාර්ග පමණක්  වලංගු වේ. කෙසේ නමුත් මෙතෙක් පැවති පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභාවල ධුර කාලය නව තත්ත්වය අනුව අහෝසි වි යන අතර ඒ අනුව නව කාරක සභා පත් කළ යුතු වේ.

මෙම තත්ත්වය රජයේ පැවැත්මට හෝ දෙස් විදෙස් ආයෝජන ආරක්ෂාවට කිසිදු බලපැමත් එල්ල නොවන බව රජයේ මුල්‍ය විශාරදයෝ කියති.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාශභංග යෝජනාව පරාජය විම  හමුවේ ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ විශාල බෙදිම් හට ගනිමින් ඇති අතර නව තත්ත්වය අනුව එම තත්ත්වයන් අවම කර වැඩි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි පිරිසක් ජනාපතිවරයා කෙරෙහි පක්ෂපාතිත්වය සදහා රදවා ගැනිම මෙම පියවරේ අරමුණ වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති.

මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 16 ක බලයක් සමගින් විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා හොබවන අතර නව තත්ත්වයන් මත මෙම විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂය වෙත ලබා ගැනිමේ සුදානමක් පවති.

Related Central bank statement as follows

Media Notice on Prorogation of Parliament of Sri Lanka

By a Gazette notification, with effect from midnight on Thursday 12th April 2018, in accordance with Article 70 of the Constitution the President has exercised his constitutional right to prorogue the Parliament. The next Parliament session will commence on 8th May 2018. During this time, no motions or questions can be tabled in Parliament and any prior actions by Parliament remain valid. The prorogation of Parliament has no impact on the functioning and operation of Government.

රන්දොර පොදු ජනතාවගේ සිංහල මාධ්‍ය ආර්ථීක, මුල්‍ය ශාක්ෂරතාවය වැඩි දියුණු කිරිම උදෙසා ඔබ සැම වෙත නොමිලේ ලබා දෙන සේවාවකි.දැනට ක්‍රියාත්මක වන්නේ එහි පර්යේෂණ අදියරයි.

 

Leave a reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *