Article

ETF-සංකල්පය, දුර්මත හා ඉදිරි දැක්ම- සුනිල් ජී. විජේසිංහ විසිනි

50 views

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල: එහි සංකල්පය, දුර්මත හා ඉදිරියට යා යුතු මග- සුනිල් ජී. විජේසිංහ විසිනි

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ මුල් සංකල්පය මෙන්ම වත්මන් සමාජ ආර්ථික පසුබිමට ගැළපෙන පරිදි ඊට අවශ්‍ය වන කවර හෝ ප‍්‍රති දිශානතියන් පිළිබඳ විමසා බැලීම කාලෝචිතය යැයි සිතම්.. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF)මෙන්ම එහි සහෝදර අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) කෙරෙහි මෑත අතීතයේ දී සැලකිය යුතු අවධානයක් යොමු වී ඇත. ඇතැම් උද්වේගයන් යුක්තිසහගත වන අතර, අනෙක් ඒවා පදනම් විරහිත හා අනවබෝධයෙන් පැන නැගී ඇති බව පෙනේ. බොහෝ විට, මෙම අරමුදල කතා බහට ලක්වන අවස්ථාවන්හි, අප‍්‍රමාණව පවත්නා බොහෝ දුර්මත පුදුම සහගතය. මෙම ලිපියෙන් උත්සහ දරනු ලබන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ මුල් සංකල්පය හා අභිප‍්‍රායන් පිළිබ`ද යථාර්ථය අවබෝධ කර දීමට මෙන්ම ඇතැම් දුර්වත නිවැරදි කිරීමට හා අපේක්‍ෂිත අභිප‍්‍රායන් සාක්‍ෂාත් කර ගැනීම උදෙසා ඉදිරියට යා යුතු මගක් යෝජනා කිරීමට යි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලක සංකල්පය.

1978 දී හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථිකය තුළින් රජයේ ප‍්‍රතිපත්තියේ මූලික වෙනස්වීමක් නිර්මාණය විය. පෞද්ගලික අංශය වර්ධනයේ ගාමක බලය විය යුතු අතර, රජය, ආර්ථික වර්ධනය උදෙසා පහසුකම් සලසන්නා විය යුතු බවට අපේක්‍ෂා කරන ලද අතර දැවැන්ත යටිතල පහසුකම් වැඩ සටහන් ආරම්භ කරන ලදී. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල නිර්මාණය කරනු ලැබූවේ මෙම පසුබිම තුළය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වනාහි, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය නිර්මාණය කිරීමට හා කොළඹ වරාය කාර්්‍යක්‍ෂම මෙන්ම බෙහෙවින් සුප‍්‍රසිද්ධි වරායක් බවට පත්කිරීමට මහෝපකාරී වූ එවකට සිටි වෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ ඇමති ගරු ලලිත් ඇතුලත්මුදලිගෙන් ජනිත වූ අදහසක් බව කවුරුත් දන්නා කරුණකි. එසේ වූවත් මෙම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල නිර්මාණය කිරීමේ නිශ්චිත පෙළැඹුම් හේතුව පිළිබඳව මත දෙකක් පවතී. පෞද්ගලික ව්‍යාපාරයන්හි කොටස්වල වක‍්‍ර අයිතිකරුවන් වීම තුළින් සෑම සේවා නියුක්තයෙකුම ආර්ථිකයේ පරදු භාරකරුවෙකු කිරීමේ ප‍්‍රකාශිත අභිප‍්‍රාය එ් පිළිබඳ එක් මතයක් වන්නේය. සේවක අර්ථ සාධක අරමුදල මූලික වශයෙන් රජයේ සුරැුකුම් පත්වල ආයෝජනයන් කරන එවකට ස්ථාපිත වී තිබුණු විශ‍්‍රාම පාරිතෝෂිතයකට දායක වන අරමුදලක්වන අතර විශ‍්‍රාම යන විට සේවා නියුක්තයන්ට ප‍්‍රධාන වශයෙන් ප‍්‍රතිලාභ සලසන බැවින්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වනාහි මූලික වශයෙන් පෞද්ගලික අංශයේ කාර්මික හා වාණිජ ව්‍යාපාරවල ආයෝජනය කර සාමාජිකයන්ගේ යහපත උදෙසා එම ආයෝජනයන්ගෙන් ප‍්‍රතිලාභ උපයා ගැනීම උදෙසා වන ඔවුන්ගේ දායක වීමක් නොමැති අරමුදලක් විය.

ඊට විකල්ප මතය වූයේ විශාල පොදු කාර්ය ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා උපයෝගි කර ගත හැකි නව අරමුදලක් නිර්මාණය කිරීමට රජයට අවශ්‍ය වූ බවය. සීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට තමන් දරන ප‍්‍රයත්නයේදී විශාල පොදුකාර්ය ව්‍යාපෘතිවලට මුදල් සපයා ගැනීමෙහි ලා දුෂ්කරතාවනට මුහුණ දීමට රජයට සිදුවිය. එයින් එකක් වූයේ කොළඹ වරායේ ජනපි‍්‍රය භාවය වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වනසේ සලකනු ලැබූ වියලි නැව් තටාංගනයයි. විශ්ෂ්ට ගණයේ උපායඥයකු වූ ගරු ලලිත් ඇතුලත්මුදලි දළ සවරූපයේ ගණනය කිරීමකින් පසු අවබෝධකර ගත්තේ සියලූම සේවා නියුක්තයන්ගේ වැටුප් හා වේතනවලින් 3% කට සමාන සුළු මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීම රජයට පාවිච්චි කළ හැකි මෙන්ම සේවා නියුක්තයනට ද වාසිදායක වන සැලකිය යුතු ප‍්‍රමාණයේ අරමුදලක් එක් රැුස් කිරීමට උපචිත වන බවයි.

1958 වසරේ ආරම්භ වූ සේවක අර්ථ සාධක අරමුදලද ඉතාම ප‍්‍රයෝජනවත් වන ඇවිරුනු අරමුදලක් වනසේම ඉක්මනින් වර්ධනය වෙමින් තිබිණි. වාණිජ ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සීමාවලට යටත් කර තිබුණ බැවින් සේවක අර්ථ සාධක අරමුදලට අත ගැසීමට නොහැකි විය. එබැවින් වෙනම දායක නොවන (සේව්‍යයන්ගෙන් පමණක් දායකවීම් සහිත* අරමුදලක් වැඩ කරන ජනතාවද විසින් පිළිගනු ලබන අතර සේව්‍යයන්ගේ ද දැඩි විරෝධයකට ලක් නොවනු ඇත. සී/ස කොළඹ ඩ‍්‍රයි ඩොක්ස් සමාගමේ වියලි නැව් තටාංගනයක් ඉදිකිරීමට හා වෙනත් එබදු ව්‍යාපෘතීන් සඳහා වූ ආයෝජන ඌනතාව පියවා ගැනීමට මෙය පිළිතුරක් වීමේ හැකියාව තිබිණි. මෙම මතය තරමක් විශ්වාසකල හැකිවන්නේ ඇත්ත වශයෙන්ම සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ මුදල් වලින් සැලකියයුතු ප‍්‍රමාණයක් වර්ෂ කීපයක් යන තුරුම කිසිදු ප‍්‍රතිලාභයක් ජනිත නොකළ කොළඹ ඩ‍්‍රයි ඩොක්ස් සමාගමේ ආයෝජනය කරනු ලැබූ බැවිනි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ 1990වේ කොටස් ආයෝජන ගොනුව විග‍්‍රහ කිරීමේදී දක්නට ලැබුණේ ඉන් 51% ක්ම කොළඹ ඩොක්යාඞ් හා ඩ‍්‍රයි ඩොක්ස් සමාගමේත්, 18% ක් දන්කොටුව පොසිලේන් සමාගමේත්, 7% ක් ලංකා මිල්ක් ෆුඞ්ස් සමාගමේත් ආයෝජනය කරනු ලැබූ බවය. එම අරමුදල්වලින් 76% ක් වන දැවැන්ත ප‍්‍රමාණයක් මෙම සමාගම් තුනෙහි ආයෝජනය කරනු ලැබූ අතර සමාගම් කිහිපයකම කරන ලද සෙසු ආයෝජන 24% ක් පමණක් විය. ඊට අමතරව රුපියල් මිලියන 140 ක් ණයකර වශයෙන් සී/ස ඩ‍්‍රයි ඩොක්ස් සමාගමේත් තවත් රුපියල් මිලයන 27 ක් ණයකර වශයෙන් ලංකා සිමෙන්ති සමාගමේ ආයෝජනය කරන ලදී. අපේක්‍ෂිත ප‍්‍රතිලාභ ලබා නොදෙන, රජයට අයත්, ව්‍යාපාරික ආයතනවලට මුදල් සැපයීම උදෙසා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල භාවිතා කරනු ලබන බවට කෙනකු උපකල්පනය කිරීම වැරදි නොවනු ඇත. එසේ වුවත් මෙම ආයෝජන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධානවලට අනුකූල වන බවටත්, එයින් ඇත්ත වශයෙන් රටට සෙතක් සැලැසුණු බවටත්, කෙනෙකුට තර්ක කළ හැකිය.

මගේ මතකයට එන පරිදි පැහැදිලි කළ යුතු තවත් කරුණක් වන්නේ සී/ස කොළඹ ඩොක්යාඞ් (පෞ* සමාගම නමින් පෞද්ගලික සමාගමකුත්, සී/ස කොළඹ ඩ‍්‍රයි ඩොක්ස් සමාගම නමින් කොටස් වෙළද පොළේ ලේඛනගත පොදු සමාගමක් පැවැතිණි. සී/ස කොළඹ ඩ‍්‍රයි ඩ්‍රොක්ස් සමාගම ‘‘පිට පොත්තක්’’ පමණක් වූ අතර කළමණාකරණ කටයුතු කරන ලද්දේ සී/ස කොළඹ ඩොක්යාඞ් සමාගම විසිනි. කොළඹ ඩොක්යාඞ් සමාගම වැසීමෙන් පසුව විදේශ නියෝජිතයන් වැඩි දෙනෙකුට වඩාත් හුරු වූ නම කොළඹ ඩොක්යාඞ් වූ බැවින් ඩ‍්‍රයි ඩොක්ස් සමාගම සී/ස කොළඹ ඩොක්යාඞ් සමාගම වශයෙන් නම වෙනස් කරන ලදී.

ජාත්‍යාන්තර බහලූ වරායන්හි ස්ථානගත වීම අනුව කොළඹ වරාය 1980 දී ලෝක ව්‍යාප්ත 139 වැනි ස්ථානයට පත්වූ අතර 1988 වන විට එය 26 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබිණි. මෙම ව්‍යාපාරයේ මුළු මහත් සංවර්ධනයට ලබාදුන් දායකත්වය පිළිබ`දව සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට ආඩම්බර විය හැකිය. ඇතැමුන් පවසන පරිදි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඇත්ත වශයෙන්ම නිර්මාණය කරන ලද්දේ පොදු කාර්ය ස`දහා ආයෝජනයක් කිරීමට නම් එම චේතනාව යුක්ති සහගත බවට පත්වූ බව පෙනේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ස්ථාපනය කිරීම.

යෝජිත සේවා නියුක්තයන්ගේ භාර අරමුදලක් ස්ථාපනය කිරීම පිළිබ`ද ස`දහනක් 1978 ජනවාරියේ ප‍්‍රකාශිත සේවක සබ`දතා පිළිබද ධවල පත‍්‍රිකාවේ දක්නට ලැබේ. සේව්‍යයා ගෙවිය යුතු වන සේවා නියුක්තයාගේ මුළු ඉපැයීම්වලින් 6%ක දායක මුදලක් ගැන හා සේවා නියුක්තයාට පරිතෝෂික වශයෙන් ගෙවිය යුතු අරමුදලේ පුද්ගල ගිණුම්වලට එය බැර කිරීම ගැන එහි ස`දහන්වේ.

ලංකා සේව්‍ය සම්මේලනයේ තිබෙන වාර්තා අනුව 1978 ජූලි මාසයේ පැවැත්වුණු රැුස්වීමක දී ඇමතිවරයා විසින් සේවා නියුක්තයන් ගේ භාර හා ආයෝජන අරමුදලක් ස්ථාපනය කිරීමට නීති සම්පාදනය කර ඉදිරිපත් කිරීමේ අදහසක් රජයට ඇති බව වෙළෙ`ද මණ්ඩල, සමාගම් හා සම්මේලනවල සාමාජිකයනට දැනුම් දී ඇත. පනත ලබාගත හැකි වූ විට එම කෙටුම් පත් පනත අධ්‍යයනය කර, ඊට නිර්දේශ ඉදිරිපත් කිරීමේ සම්බන්‍ධීකරණ කමිටුවට ලංකා සේව්‍ය සම්මේලනයද අනුයුක්ත කරන ලදී. එවකට යෝජනා කරනු ලැබූ නමෙහි ‘‘අයෝජන’’ යන වචනය ඇතුළත් කර තිබීම වැදගත් වන අතර එයින් අරමුදලේ ආයෝජන අභිප‍්‍රාය පිළිබ`ද ඉ`ගියක් කරනු ලැබේ.

එම රැස්වීමේ දී ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කරනු ලැබූ පුළුල් සැකිල්ල අනුව

x පෞද්ගලික හා රාජ්‍ය අංශය යන දෙකෙහිම සේව්‍යයන් එම අරමුදලට දායක විය යුතුය.
x අරමුදලට කරනු ලබන දායක මුදල් ආවරණය වන සේවා කාලය ස`දහා පාරිතෝෂික හිමිකම් පෑම් සම්බන්ධයෙන් කිසිදු කාර්මික ආරාවුලක් භාර ගනු නොලැබේ.
x අරමුදල් කම්කරු ඇමතිවරයා විසින් පරිපාලනය කරනු ලබන අතර එහි කළමනාකරණය පෞද්ගලික හා රාජ්‍ය අංශ නිලධාරීන්ගෙන් සමන්විත බලයලත් මණ්ඩලයකට පවරනු ලැබේ.
x රජයෙන් ණයට ගැනීම් සිදු වන සේවක අර්ථසාධක අරමුදල මෙන් නොව මෙම පනතේ අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තයනට පාරිතෝෂිකයක් ලැබෙන බවට වගබලා ගැනීම හා සේවා නියුක්තයනට සෙත සැලැසෙන කාර්යයන් උදෙසා අරමුදලේ ඇති මුදල් ආයෝජනය කිරීමට හැකියාව ලැබීමයි.
මෙම පුළුල් සැලකිල්ල පදනම් කරගෙන, ලංකා සේව්‍ය සම්මේලනය විසින් වෙනත් කරුණු අතර පහත ස`දහන් දෑ පවසමින් 1978 ජූලි මාසයේදී ඇමතිවරයා වෙත නියෝජනයන් ඉදිරිපත් කරන ලදී.
x පෞද්ගලික අංශ ව්‍යාපාර වක‍්‍රාකාරයෙන් ජනසතු කරනු ලබන ක‍්‍රමයකට අරමුදලේ මුදල් ආයෝජනය නොකළ යුතුය.
x සේවා නියුක්තයනට නිවාස ඉදි කිරීම උදෙසා මුදල් ආයෝජනය කළ යුතුය.
x අරමුදලේ ක‍්‍රියාකාරකම්වලට ප‍්‍රමාණවත් ප‍්‍රසිද්ධියක් ලබාදිය යුතුය.
සහ
x ආයෝජනවලින් අරමුදලට උපචිත වන ආදායම ආදායම් බදුවලින් නිදහස් විය යුතුය.

මෙම නියෝජනයන් ඉදිරිපත් කරන ලද්දේ අන් කිසිදු යෝජනා ක‍්‍රමයටක් යටතේ තවදුරටත් මූල්‍යමය බරක් දැරීමට සේව්‍යයන්ට නියම කරනු නොලැබෙනු ඇතැයි වූ උපකල්පනය මතය. මේ කාලයේම පෞද්ගලික අංශයේ සේවකයන් ස`දහා විශ‍්‍රාම ක‍්‍රමයක් පිළිබ`දවත් සේවා නියුක්තයනට පාරිතෝෂිකයක් ගෙවීමට ප‍්‍රතිපාදන සලසන පාරිතා්ෂික පනතක් පිළිබ`දවත් යෝජනා ඉදිරිපත් වී තිබිණ. භාර හා ආයෝජන අරමුදල යටතේ වන බැ`දීම්වලට අමතරව හෝ සේවා නියුක්තයන් විසින් ඉටු කරනු ලැබූ සේවාවන් හේතු කොටගෙන මුදලක් ගෙවීමේ ප‍්‍රතිපාදන සැලසීම ස`දහා වූ වෙනත් යෝජනා ක‍්‍රම යටතේ සේව්‍යයනට තවත් බරක් අරෝපණය නොකළ යුතු බවට ලංකා සේව්‍ය සම්මේලනය විසින් පැහැදිලව ස`දහන් කරන ලදී.

සේවා නියුක්තයන්ගේ ආයෝජන අරමුදලක් පිහිටුවීම ස`දහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව වෙළෙ`ද හා නාවුක කටයුතු පිළිබ`දඇමතිතුමා පැවසූවක් උපුටා දක්වමින් 1979 අගෝස්තු මාසයේ දී පුවත් පත්වල වාර්තා කරන ලදී.

‘‘රාජ්‍ය, සංස්ථාපිත හා පෞද්ගලික අංශවල සේවකයන් අතර ලාභ බෙදාදීම ස`දහා මෙයින් ප‍්‍රතිපාදන සැලැසෙනු ඇතැයි’’ ඇමතිවරයා පවසා තිබිණි. ඇමතිවරයාගේ මතය වූයේ රටේ ආර්ථිකය සෑම දෙනාම අතර සමානව බෙදා දී භුක්ති වි`දිනු ලැබිය යුතු බවයි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත පනවනු ලැබූ විට සේවා නියුක්තයන්ට විශ‍්‍රාම ප‍්‍රතිලාභ සලසා දීම උදෙසා පෞද්ගලික අංශයේ සේව්‍යයන් විසින් සේවකයන්ගේ චේතනවලින් 3%කට සමාන මුදලක් විශේෂ භාර අරමුදලකට ගෙවිය යුතු වන බව 1980 ජනවාරියේ දී වාර්තා කරන ලදී. සේවා නියුක්තයන් වෙනුවෙන් ආයෝජනය කරනු ලබන අරමුදල් සේව්‍යයන්ගේ පසුම්බිවලින් ලැබෙන බැවින් ශ‍්‍රී ලාංකික යෝජනා ක‍්‍රමය සිංගප්පූරුව වැනි වෙනත් රටවල පවත්නා ක‍්‍රමයට වඩා වෙනස් බව තවදුරටත් වාර්තා කරන ලදී.

1980 අගෝස්තුවේදී කලින් දෙනු ලැබූ පොරොන්දුවලට පටහැනිව, පාර්ලිමේන්තුවේ සේවා නියුක්තයන් ගේ භාර අරමුදල් පනත විවාදයට ගැනීමට පූර්වාසන්නව, ඉක්මනින්ම පාරිතෝෂික මුදල් පනතක් ඉදිරිපත් වන බව කම්කරු ඇමතිවරයා නිවේදනය කළේය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත 2 වැනි වර කියනු ලැබූ අවස්ථාවේ එම අරමුදලට දායක වන 3%ක මුදල සේවකයන්ට වහාම දෙනු ලැබූ වැටුප් වැඩි කිරීමක් ලෙස සැලකිය යුතුබවත් එයින් ඔවුනට ලාභදායී ඉතිරි කිරීමක් සිදුවන බවත් එම පනතින් සේවා නියුක්තයනට ගෙවනු ලබන පාරිතෝෂික මුදලට හිලවු වීමක් සිදු නොවන බවත් වෙළෙද ඇමතිවරයා විසින් පවසන ලදී.

එම පනත 1980 ඔක්තෝබර් 29 වැනිදා සම්මත කරන ගනු ලැබූ අතර 1981 පටන් ක‍්‍රියාත්මකව පවතී. එසේ වුවත් අනිවාර්ය 12%ට වැඩි දායක මුදලක් සේවක අර්ථ සාධක අරමුදලට ස්වෙච්ඡුාවෙන් දායක වන සේව්‍යයනට එබ`දු වූ වැඩිපුර මුදල 3%ක් දක්වා වූ ප‍්‍රමාණයකින් අඩු කර සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක වීමට අවසර දෙන ලදී. පෞද්ගලික අර්ථසාධක අරමුදල්වලට දායක වන අය පවා සේවා නියුක්තයන් ගේ භාර අරමුදලට දායක විය යුතු වූ බැවින් සේවා නියුක්තයන් ගේ භාර අරමුදලේ සාමාජිකත්වය සේවක අර්ථසාධක මුදලේ සාමාජිකත්වයට වැඩි විය.

සේවා නියුක්තනයන් ගේ භාර අරමුදලේ අරමුණු

1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 7 වැනි වගන්තියේ එහි අරමුණු පහත ස`දහන් අයුරු දක්වා ඇත.
(අ* මූල්‍ය සම්පාදනයට හා ආයෝජනයට සහභාගි වීමෙන් සේවක අයිතිය, සේවක සුභසාධනය, ආර්ථික ප‍්‍රජාතාන්ත‍්‍රිකය ප‍්‍රවර්ධනය කිරීම
(ආ* ව්‍යාවසායන්හි සාමාන්‍ය කොටස් අත්කර ගැනීමෙන් කළමනාකරණයෙහි සේවක සහභාගීත්වය ප‍්‍රවර්ධනය කිරීම
(ඇ* සේවා නියුක්තයනට විශ‍්‍රාම ගැනීමේ දී දායක නොවන ප‍්‍රතිලාභයක් ලබා ගැනීම ස`දහා විධිවිධාන සැලැස්වීම
(ඈ* මේ වගන්තියේ (අ*, (ආ* සහ (ඇ* ෙඡ්දවල ස`දහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනිම ස`දහා අවශ්‍ය විය හැකි හෝ උපකාරී විය හැකි අන් සියලූ ක‍්‍රියා හෝ දේවල් කිරීම.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සම්මත කරනු ලැබූ විට එහි ඇතැම් අරමුණු පෞද්ගලික අංශයේ දැඩි උද්වේගයට හේතු වූ බවට වාර්තා වේ. විශේෂයෙන් එහි (ආ*කොටස පිළිබ`ද බියක් ඇති කරගනු ලැබුවේ රජය විසින් එය නොමනා ආකාරයකට භාවිතා කරනු ලැබිය හැකි වූ නිසාය. සේවක සහභාගීතවය උද්වේගයට හේතු වූ තවත් කරුණක් විය. ඇතැම් විට එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ සේවක සහභාගීත්වයේ ඉහළ ආකෘතීන් පවතින ස්වීඩනයේ හා වෙනත් රටවල ප‍්‍රවණතාවන් ගෙන් රජය ප‍්‍රබෝධයක් ලබන්නට ඇත. ස්වීඩනයේ කම්කරු නියොජිතයනට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් විය හැකිය, ශ‍්‍රී ලංකාවේ රජය ද මෙම ක‍්‍රමය 1977දී රජයේ සංස්ථාවලට හ`දුන්වා දුන් නමුදු එයින් අපේක්‍ෂිත ප‍්‍රතිලාභ එතරම් සනිටුහන් වූයේ නැත. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත ක‍්‍රියාත්මක භාවයට පත්වන අවස්ථාව වන විට මෙම සේවක සහභාගිත්ව සංකල්පය මැකී යමින් පැවැතිණි. අද දින පවා ඵලදායී සේවක සහභාගීතවයේ බොහෝ ස්වරූපයන් පවතින නමුදු මා විසින් ඉ`ගි කරන ලද්දේ අධ්‍යක්‍ෂක මණ්ඩලවල සේවක නියෝජිතයන් සිටීම පිළිබ`දව බවත් පැහැදිලි කළ යුතු වන්නේ ය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සේවා සහභාගීත්වයක් තිබීමට පත්වූ ආසන්නතම අවස්ථාව වූයේ එවකට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල තමන් යටතේ පැවැති කම්කරු ඇමතිවරයා විසින් දංකොටුව පොර්සිලේන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට වෘත්තීය සමිති නියෝජිතයෙකු නම් කරනු ලැබීමෙනි. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල දංකොටුව පෝර්සිලෙන් සමාගමේ අයිතියෙන් 50% ක් හිමි කර ගෙන තිබීමේ අනුසාරයෙන් එම නම් කිරීම සිදු කිරීමට හැකි විය. මෙය සාර්ථක තීරණයක් නොවිණි.

මෙම අනතුරුදායක වගන්තිය ඉවත් කළ යුතු බවට මම යෝජනා කරමි. මක්නිසාද යත් පෞද්ගලීකරණය කරනු ලබන සමාගම්වල සැලකිය යුතු කොටස් ප‍්‍රමාණයක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල විසින් අත්පත් කර ගනු ලැබීමෙන් සේව්‍ය සම්මේලය විසින් පළ කරන ලද බිය යුක්ති සහගත බව පැහැදිලි වූ බැවින් වන අතර එයින් පෞද්ගලීකරණයේ අභිප‍්‍රායන් සම්පූර්ණයෙන්ම ව්‍යාර්ථ විය. එක් අවස්ථාවක සේවා නියුක්තයන් ගේ භාර අරමුදල විසින් පෞද්ගලීකරණය කරනු ලබන සමාගමක සාමාන්‍ය කොටස්වලින් 90%ක් අත්පත් කර ගන්නා ලදී.

සමස්තයක් වශයෙන් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පිහිටුවනු ලැබීමේ අරමුුණු සාක්‍ෂාද් කර ගෙන ඇති නමුදු සේවා නියුක්තයන් ගේ භාර අරමුදල පවතින්නේ කුමන කරුණක් උදෙසාද යන්නත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හා සේවක අර්ථ සාධක අරමුදල අතර පවතින වෙනස් කම් කවරේද යන්නත් පිළිබ`ද පැහැදිලි හ`දුනා ගැනීමක් සිදු වූයේ එක්දහස් නවසිය අනූ ගණන්වල මුල් භාගයේදීය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හුදෙක් සේවක අර්ථ සාධක අරමුදලේ පිටපතක් වන බවට තර්ක කළ අයට ඒ දෙකෙහි පවත්නා වෙනස අවබෝධ කර ගැනීමට හැකි විය. පැහැදිලි සීමා නීර්ණයන් ද පනතේ නිශ්චිතව දක්වා ඇති අරමුණු වලින් බැහැර නොවී එවකට පවතින ව්‍යාපාරික හා කාර්මික වාතාවරණයට අනුකූලව ඇති අරමුණුද පහත දැක්වෙන වගුවේ පෙන්වා දී ඇත. ඇතැම් විට මේ ගැන යළි සාකච්ඡුා කර වත්මන් අවශ්‍යතා අනුව අරමුණු යළිත් අර්ථ කථනය කිරීමට සුදුසු කාලය එළැඹ තිබේ.

1 වගුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හා සේවක අර්ථ සාධක අරමුදල අතර පවතින විෂමතා

ගති ලක්‍ෂණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල

නෛතික තත්ත්වය 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හා ඉන් අනතුරුව සිදුවූ සංශෝධන.

පාලනය හා අරමුදල් කළමනාකරණය ඇතුළු සියලූ ම කරුණු පිළිබ`දව කටයුතු කරනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගිනි. එහි සමාජිකයන් වන්නේ ඇමති වරයාගේ නියෝජිතයන් 4 දෙනෙක්, වෙළ`ද ඇමතිවරයාගේ නියෝජිතයෙක්, මුදල් ඇමතිවරයාගේ නියෝජිතයෙක්, වෘත්තීය සමිති දෙකක සාමාජිකයන් දෙදෙනෙක්, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ය.

සේවක අර්ථ සාධක අරමුදල මෙන් නොව මෙය කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියා නොකරන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව ද එහි කාර්යයනට සම්බන්ධ නොවේ.

ආයෝජන කමිටුවේ නිර්දේශ මත අරමුදල් අයෝජන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබේ. ආයෝජන තීරණ පිළිබ`ද වගකීම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් දරනු ලැබේ.

ප‍්‍රධාන අරමුණු මූලික වශයෙන් ඒකක භාරයක් (එහෙත් සමාජ සංරක්‍ෂණ හෝ විශ‍්‍රාම ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමයක් නොවේ* වන නමුදු අවසානයේදී වැඩි රැුකියාවක් සලසන හා සේවකයන්ට හිමි අරමුදල්වලට වැඩි වටිනාකමක් ලබා දෙන ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා කාර්මික හා වාණිජ ව්‍යාපාරවල ආයෝජනය කිරීම පිණිස ප‍්‍රාග්ධන සංචිතයක් සැලැසීම
අනෙක් අතට සේවක අර්ථසාධක අරමුදල හුදෙක් විශ‍්‍රාම ප‍්‍රතිලාභ ගෙනදෙන මුදලක් පමණි.

ප‍්‍රධාන අවධාන යොමුව හුදෙක් විශ‍්‍රාම යන විට නොව සේවකයකුට සිය සේවයේ නියුක්ත කාල පරිච්ෙඡ්දය තුළ ප‍්‍රතිලාභ සැලැසීම.
දායකත්වයේ ස්වභාවය සේවා නියුක්තයා දායක විය යුතු නොවේ. සේවා නියුක්තයා හා සේව්‍යයා යන දෙදෙනාම දායක විය යුතු අර්ථ සාධක අරමුදල මෙන් නොව දායක වන්නේ සේව්‍යායා පමණි.

අරමුදල් පවත්වාගෙන යනු ලබන ආකාරය දායක මුදල් සාමාජිකයන්ගේ ගිණුම්වලට බැර කරනු ලබන අතර පොළී හා ලාභාංශ උපයාගැනීම උදෙසා රජයේ සුරැුකුම් පත්වල, වාණිජ බැංකුවල හා කොටස් වෙළෙ`ද පොළේ මිළ ගණන් ස`දහන් වන හා ස`දහන් නොවන කොටස් ආදියෙහි අරමුදල් ආයෝජනය කිරීම.

ප‍්‍රතිලාභ සාමාජිකයනට බැර කරනු ලබන ආකාරය වර්ෂය අවාසානයේදී ආයෝජනවලින් උපයා ගනු ලැබූ ලාභ (පරිපාලන වියදම් අඩුකිරීමෙන් පසු* ලාභාංශ/ පොළිය වශයෙන් එක් එක් සාමාජිකයාගේ ගිණුමට බැර කරනු ලැබේ.

දායක මුදල් ප‍්‍රමාණය සේව්‍යයා විසින් 3%ක්. එය නිශ්චිතය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පිහිටුවනු ලැබූ අවස්ථාවේ සේවක අර්ථ සාධක අරමුදලට 12%ට වැඩියෙන් දායක වන සේව්‍යයනට එය අඩුකර සේවා නියුක්තයන් ගේ භාර අරමුදලට දායක වීමේ විකල්පය දෙන ලදී.

සේවා නියුක්තිය අනුව ආවරණය රාජ්‍ය සේවයේ නියුක්ත වූවන් හැර ස්ථීර, තාවකාලික, අනියම්, අභ්‍යාස ලාභී රැුකියාවන්හි නියුක්ත සියලූ ම සේවකයන් (පෞද්ගලික අර්ථසාධක අරමුදල්වලින් ආවරණය වන්නන් හා විශ්ව විiාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ සේවයේ නියුක්ත වූවන් ඇතුළුව*

පුද්ගලයන් 10දෙනකු හෝ ඊට අඩුවෙන් සේවයේ නියුක්ත කරවන පුණ්‍යායතන හා ආගමික ආයතන නිදහස් කරනු ලැබේ.
ආවරණය වන පාරිශ‍්‍රමික දිරි දීමනා හා අතිකාල හැර වැටුප්, හා නොමිළයේ ආහාර ඇතුලූ සියලූ දීමනා.

ස්වයං රැුකියාවල නියුක්ත වී සිටින අයට හා සංක‍්‍රමණික සේවකයන්ට සාමාජිකත්වය විකල්ප පදනමක් මත විවෘත ව පවතී. සේවක අර්ථ සාධක අරමුදලේ මෙම හිමිකම ලබා ගත නොහැකය.

ප‍්‍රතිපූර්ණ ප‍්‍රතිලාභ නැවත ලබා ගැනීම සෑම පස් අවුරුදු කාලයකට වරක් යන සීමවට යටත්ව කවර හෝ වයසක දී සේවා නියුක්තිය වෙනස් වන සෑම අවස්ථාවකදී හෝ සේවාවසානයේ දී.

සේවක අර්ථ සාධක අරමුදලේ අවසාන වශයෙන් විශ‍්‍රාම යෑමේදී වෙනත් ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රම

1. මරණයේදී වන්දි මුදල්
2. අකර්මණ්‍යතා වන්දි මුදල්
3. අන්තර් අක්‍ෂීය කාච බන්ධ කිරීමේදී ආධාර
4. හෘද ශල්‍ය කර්ම ස`දහා ආධාර
5. රෝහල් ගත වීමේ ආධාර
6. සාමාජිකයන්ගේ දරුවනට ශිෂ්‍යත්ව
7. නිවාස ණය
8. වකුගඩු බද්ධ කිරීමේ දී ආධාර
(නිවාස ණය ස`දහා හැර* ගිණුමේ පවත්නා ශේෂය අදාළ නොවේ. එහෙත් අවම සාමාජිකත්ව කාලයක් අවශ්‍ය වේ.
මූලික වශයෙන් ප‍්‍රතිලාභවලින් ඉලක්ක කර ගනු ලබන්නේ සේවකයකුට සිය සේවා නියුක්ති කාල පරිච්ෙඡ්දය තුළ දී ආධාර සැපයීමයි. සේ.අ.අ. මෙවැනි ප‍්‍රතිලාභ ක‍්‍රම නැත.(නිවාස ණය හැර*
සේවකයන් අපේක්ෂා කළ යුතු දෑ 1. ආන්තික අවදානමක් සහිතව සැලකිය යුතු ප‍්‍රතිලාභ
2. ආර්ථික ප‍්‍රජාතාන්ත‍්‍රිකය
3.අන්තර්වාර ප‍්‍රතිලාභ තුළින් සේවා නියුක්තිය වෙනස් කිරීමේදී සේවා නියුක්තයන්ගේ ආතතිය අඩු කිරීම
4. සේවයේ නියුක්තව සිටින කාලය තුළදී වැඩි රක්‍ෂණ හා වෙනත් ප‍්‍රතිලාභ / සේවක අර්ථ සාධක අරමුදල නම් ආයෝජනය අඩු හෝ අවදානමක් නැති විය යුතුය.
රජය අපේක්ෂා කරන දෑ 1.ප‍්‍රාග්ධන වෙළ`ද පොළවල් වර්ධනය වීම
2. කර්මාන්ත හා වාණිජ කටයුතුවල ආයෝජනය
3.අන්තර්වාර ප‍්‍රතිලාභ තුළින් රැුකියා වෙනස් වීමේදී ඇතිවන සේවක ආතතිය අඩු කිරීම
4. සිය රැුකියාවල යෙදෙන කාලය තුළදී සේවක ආරක්ෂාව

සේව්‍යයනට ප‍්‍රතිලාභ ආපදා අවස්ථාවන්හි දී සේවා නියුක්තයනට ඇති ඇතැම් අවශ්‍යතාවන් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල විසින් ඉටු කරනු ලැබේ. එසේ නොවූව හොත් එය සේව්‍යයාට දරන්නට සිදුවන බරක් වන්නේය. එබැවින් සේව්‍යනටද ප‍්‍රතිලාභයක් වේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ම`ගින් තවත් ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රම ආරම්භ කරන ලද්දේ මෙම පැහැදිලි අර්ථ කථනයට අනුකූලවය. හෘද ශල්‍ය යෝජනා ක‍්‍රමය, එබ`දු ශල්‍ය කර්මයක වියදම දරාගත නොහැකි වූ සේවකයනට විශාල අනුග‍්‍රහයක් විය. සේවා ආතතියෙන් පීඩා විදින ජේ්‍යෂ්ඨ විධායකයන් පමණක් හෘද රෝග ප‍්‍රශ්නවලට භාජන වන බවට පුළුල්ව පැතිර තිබුණ සාවාi විශ්වාසය නිසා මෙම යෝජනා ක‍්‍රමයෙන් කය වෙහෙසා වැඩ කරන සේවකයනට සෙත නොසැලසෙන බව විවේඡුන ඇතිවිය. මෙම අදහසේ ව්‍යාජභාවය බොහෝ හෘද රෝග විශේෂඥයන් විසින් හෙළි කරන ලද අතර ඉදරිපත් කර ඇති හිමිකම් ඉල්ලීම් වලින් ඔප්පු වන්නේ බොහෝ කය වෙහෙසා වැඩ කරන සේවකයන් මෙන්ම ලිපිකාර සේවකයන්ද මෙම යෝජනා ක‍්‍රමයෙන් ප‍්‍රතිලාභ අත්කරගෙන ඇති බවයි.

අකර්මණ්‍යතා යෝජනා ක‍්‍රමයට හා මරණ ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමයට මෙන්ම අන්තර් අක්‍ෂි කාච බද්ධ කිරීමේ ක‍්‍රමයට පදනම් වුයේ යස ඉසුරුවලින් අඩු සේවකයන් ගේ දුෂ්කරතා පිළිබ`දව දැන සිටි වෛi වෘත්තිකයන් ගේ නිර්දේශ මතය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල අරඹා තිබුණු විවිධ යෝජනා ක‍්‍රම ප‍්‍රත්‍යවේක්‍ෂණය කරනු ලැබූ විට මෙතෙක් අරඹා ඇති යෝජනා ක‍්‍රමවලින් සිදු වන්නේ නිෂෙධාත්මක තත්ත්වයන්හි දී ආධාර කිරීම බව අවබෝධ වූ බැවින් ධනාත්මක සිදුවීමක් ස`දහා යෝජනා ක‍්‍රමයක් යෝග්‍ය වන බවට තීරණය කරන ලදී. මෙයින් 5 වසර ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය බිහි වූ අතර විශිෂ්ට දක්‍ෂකම් දක්වන දරුවන් සිටින සාමාජිකයන්ගේ බර ලිහිල් වී එම දරුවෝ වඩාත් හොද පාසල්වලට ඇතළත් වූහ.

අරමුදලේ සුරක්‍ෂිත භාවය

රජය විසින් තමන්ගේ ඉතිරි කිරීම් විශේෂ කාර්යයන්ට යොදාගෙන ඇති බැවින් ඒවා ඇත්ත වශයෙන් ලබාගත නොහැකි වන බවට දැනුවත් භාවයක් නොමැති සාමාජිකයන් අතර පදනම් විරහිත බියක් පවතී. පෞද්ගලික අංශයේ උගත් කළමනාකරවරුන් පවා මෙම බිය ප‍්‍රකාශ කර ඇත. බොහෝවිට පැහැදිලි කිරීමකින් ඔවුන්ට වැටහීමක් ඇති වී තිබෙන නමුදු සෑම දෙනාටම ඒත්තු ගැන්වී නැත. සිය අරමුදල් සුරක්ෂිත බවට සේවා නියුක්තයන් දැනුවත් කිරීමට නව සන්නිවේදන අවශ්‍ය වන්නේය.

1 වැනි සටහන: අරමුදලේ ආයෝජනා දක්වන චක‍්‍ර සටහන

91%ක් රජයේ සුරැුකුම්පත්වලද 5.6%ක් පමණ කොටස් වල හා ඒකක භාරවල පවතී. සිය අරමුදල් පිළිබ`දව ජනතාව අතර කිසියම් බියක් පවතී නම් මෙම සටහනෙන් ඔවුන්ගේ එම බිය දුරු විය යුතුය. එසේ වුවත් මෙයින් අදහස් කරනු ලබන්නේ සාමාන්‍ය කොටස්වල ආයෝජන කිරීමේදී අධ්‍යක්‍ෂ මණ්ඩලය අසංවේදී විය යුතු බව නොවේ. කොතරම් කුඩා වුවත් සෑම ආයෝජනයක්ම විනිවිද භාවයෙන් යුක්ත මෙන්ම යුක්ති සහගත විය යුතුය. කොටස්වල ආයෝජනය දැඩිසේ අප‍්‍රමාණවත් වන අතර එයින් මෙම අරමුදල පිහිටුවනු ලැබූ කාර්යය ව්‍යර්ථ වේ.
සේවක අර්ථසාධක අරමුදලෙන් සේවා නියුක්තයන් ගේ භාර අරමුදලෙන් යටත් පිරිසෙයින් ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ පොළී අනුපතිකවලට සමාන සාධාරන ප‍්‍රතිලාභයක් ලැබී ඇති දැයි නිශ්චය කිරීම ස`දහා වෙනම අධ්‍යයනයක් අවශ්‍යවන්නේය.

2වැනි සටහන: සේවක අර්ථ සාධක අරමුදලෙන් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලෙන් ලැබි ඇති ප‍්‍රතිලාභ සන්සන්දනය

ETF

මෙම සටහනින් පැහැදිලිව දක්නට ලැබෙන්නේ සේවක අර්ථ සාධක මුදලේ ප‍්‍රතිලාභ වඩාත් ස්ථාවර වන අතර සේවා නියුක්තයන් ගේ භාර අරමුදලේ ප‍්‍රතිලාභ වඩාත් වෙනස් වන සුලූ බවය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ප‍්‍රතිලාභ සැබෑ තත්ත්වය මීට වඩා නරක විය හැකිය. මක්නිසාද යත් විගණකාධිපති පවා සිය වර්තාවේ පෙන්වා දී ඇති පරිදි කොටස්වල වෙළෙ`ද පොළ වටිනාකමේ ක්‍ෂය වීම ස`දහා නිවැරදි අලාභ ප‍්‍රතිපාදන වසර ගණනාවකට සලසා නොමැති බැවිනි. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට සේවක අර්ථ සාධන අරමුදලේ ප‍්‍රතිලාභ නොසීහෙන්නේ වෛi, රක්‍ෂණය හා ශිෂ්‍යත්ව ප‍්‍රතිලාභ දරන්නට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට සිදුවන අතර, එම වියදම් අරමුදලේ ලාභවලින් හිලවු කිරීමට සිදු වන බැවිනි. තවද මුළු පරිවාලන වියදම ලාභවලින් හිලවුකරනු ලබන අතර සේවක අර්ථ සාධක අරමුදලේ බලාත්මක කිරිමේ ක‍්‍රියාකාරකම් කම්කරු දෙපාර්තමේන්තුවෙන් සිදුවේ. ඒවාට ප‍්‍රතිපාදන සලසනු ලබන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ අයවැයෙහිය.

ඉදිරියට යන මග : ඇතැම් යොජනා

1. මාළු කුණු වන්නේ ඔලූවේ සිට යැයි කියනු ලැබේ. එහින් අදහස් වන්නේ ඕනෑම ආයතනයක ප‍්‍රබල හා බලයලත් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් අත්‍යවශ්‍ය බවය. මෙම පනතේ අතපසු වී ඇති ප‍්‍රධාන කරුණක් වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිල බලයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයකු වීමයි. වෙළෙ`ද කටයුතු භාර ඇමතිවරයා නම් කරන පුද්ගලයකු එහි සිටිය යුතු බවට වූ විවිධානය තව දුරටත් අදාළ නොවන අතර ඒ වෙනුවට ශ‍්‍රි ලංකා මහ බැංකුවෙන් නම් කරනු ලැබවකු සිටිය යුතුය. ඇමතිවරයා විසින් නම් කරනු ලබන සාමාජිකයන් හතර දෙනාට කර්මාන්ත, වාණිජ්‍යය හා බැංකු කටයුතු යන ක්‍ෂේත‍්‍රයන් හි සුදුසුකම් හා පලපුරුදු කම් සහිත වෘතියක් ඇතුළත් විය යුතුය. කලින් පැවති රජයේ පාලන කාලයේ පත්කරන ලද්දේ වෘත්තීය සමිතිවලින් එක් නියෝජිතයකු පමණි. මෙය යෝග්‍ය නොවන්නේය. නියෝජිතයෙකු නම් කිරීමේ අභිමතය ලංකා සේව්‍ය සම්මේලනයට තබනා වෙනුවට එම සම්මේලනයේ සභාපති වරයා නිල බලයෙන් මෙහි සාමාජිකයකු කිරීමද යෝග්‍ය වන්නේය.

2. අධ්‍යක්‍ෂ මණ්ඩලය වග කිව යුතු බවට පත් කිරීමෙන් පාලනය වඩාත් දියුණු කළහැකි වන්නේය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ කාර්ය සාධනය හා එහි ආයෝජනය තීරණ සාකච්ඡුාවට භාජනය වන පරිදි න්‍යාය පත‍්‍රයේ එක් අයිතමයක් ඇතුළත් කර ජාතික කම්කරු උපදේශක සභාව විසින් ත්‍රෛ මාසික රැුස්වීමක් පවත්වනු ලැබිය යුතු බවට මම යෝජනා කරමි.

3. අiතන අවශ්‍යතාවයන් හ`දුනාගනිමින් අරමුදලේ අරමුණු ප‍්‍රතිශෝධනය කළ යුතු වන්නේය. මා විසින් යෝජනා කරනු ලබන අරමුණු පහත ස`දහන් අයුරු වේ.
අ* මූල්‍යකරණයට හා ආයෝජනයට සහභාගී වීම තුළින් ආර්ථක වර්ධනය හා සේවා නියුක්තයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම.
ආ* සිය සේවයේ නියුක්ති කාලය තුළදී හා විශ‍්‍රාම යන අවස්ථාවේ වෛi, රක්‍ෂණ හා මූල්‍යමය ප‍්‍රතිලාභ ස`දහා ප‍්‍රතිපාදන සැලැසීම.
ඇ* සේවා නියුක්තයන්ගේ සුභසාදනය හා වෘත්තී්‍ය සෞඛ්‍ය හා සුරක්ෂිත තාව ප‍්‍රවර්ධනය කිරීම.
ඈ* කාර්මික එකමුතුව හා සේවක සම්බන්ධය :ෑපචකදහැැ ෑබට්ටැපැබඑ* පිළිබ`ද නවීන ශිල්ප ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම තුළින් කාර්මික සුසංගමය හා වඩාත් ඉහළ ශ‍්‍රම ඵලදායීතාව ප‍්‍රවර්ධනය කිරීම.
ඉ* මෙම වගන්තියේ (අ*, (ආ*, (ඇ*, (ඈ* යන ෙඡ්දයන්හි නිශ්චය කොට දක්වා ඇති අරමුණු සාක්‍ෂාද්කර ගැනීමට අවශ්‍ය හා උපකාරී වන සියලූම අනෙකුත් ක‍්‍රියාවන් හා කරුණු ඉටු කිරීම.

4. 9 වැනි වගන්තිය ඉවත් කළ යුතුය. මෙම වගන්තිය අනුව ව්‍යාපාර කළමණාකාරණයේදී සේවා නියුක්තයන්හට පරිපාලන කටයුතු වලට සම්බන්ද වීම සහභාගිත්වය ප‍්‍රවර්ධනය උදෙසා කාර්මික හා වාණිජ ව්‍යාපාර ස්ථාපනය කිරීමට හා ඒවා ක‍්‍රියාවේ යෙදවීමට හා සේවා නියුක්තයන් ස`දහා කොටස් අත්පත් කර ගැනීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයට එයින් අවසර ලැබේ.

අයෝජන ප‍්‍රතිපත්තිය නිශ්චිත විය යුතු අතර එය උභතොකෝටික නොවිය යුතුය. ආයෝජනයේ යොමුව ආන්තික අවදානමක් ඇතිව සාධාරණ ප‍්‍රතිලාභයක් ලබා ගැනීමට පමණක් සීමා විය යුතුය. අරමුදල විසින් කිසිදු ව්‍යාපාරයක කිසිදු ක‍්‍රමෝපායික කොටසක් ලබා ගත නොයුතු අතර වඩාත් යෝග්‍ය වන්නේ කිසියම් සමාගමක සිය කොටස් හිමිකම නිකුත් කරනු ලැබූ ප‍්‍රාග්ධනයෙන් 10%කට සීමා කිරීමයි. අරමුදල විසින් කොටස් වෙළෙ`ද පොළේ ලේඛනගත නොවූ කොටස්වල සෘජුව ආයෝජනය නොකළ යුතු වනසේම ආරම්භ කරන ව්‍යාපාරයන්හි ද ආයෝජනය නොකළ යුතය. එවැනි ආරම්භක ව්‍යාපාරවල ආයෝජනයන් ගෙන් අරමුදල ලබා ඇති අත්දැකීම අතිශයින් විනාශකාරී වී ඇත. ආර්ථික වර්ධනයට දායක වීමට අරමුදලට අභිමත වේ නම්, අධාර ලබාදීම ස`දහා යෝග්‍ය ව්‍යාපෘති තක්සේරු කිරීමෙහි පළපුරුදු කම් අප‍්‍රමාණව ඇති වාණිජමය සමපේක්‍ෂණයක් ඇති ව්‍යාපාර ප‍්‍රාග්ධන අරමුදල් වල අයෝජනය කළ හැකිය.

5. වසර ගණනාවකට පෙර රූපවාහිණී වාණිජ දැන්වීම සහිත සුරක්‍ෂිතතා ව්‍යාපාරයක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල විසින් ක‍්‍රියාත්මක කරන ලදී. පසුව කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්මාන්තශාලා අංශයේ කාර්මික සහාය ඇතිව හා සී/ස සීටීසී ඊගල් සමාගම හා සම්බන්ධ වී ජාතික සුරක්‍ෂිතතා ප‍්‍රදානයක් ප‍්‍රවර්ධනය කරනු ලැබීය. වෘත්තීය සෞඛ්‍යය හා සුරක්‍ෂිතතාව ප‍්‍රවර්ධනය කිරීමට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට බැ`දීමක් ඇති බවත් වැඩපොළෙහි සෞඛ්‍යය හා සුරක්‍ෂිතතාව ඉහළ නංවන එබදු වැඩසටහන්වල සක‍්‍රිය සහයෝගය ලබා දිය යුතු බවත් මගේ විශ්වාසයයි.

6. එක් දහස් නවසිය අනූ ගණන්වල මුල් භාගයේ කටුනායක අපනයන ප‍්‍රවර්ධන කලාපය ඉහළම ස්ථානයකට පත්වෙමින් තිබුණු අවස්ථාවේ එම කලාපයට සේවකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණියහ. එහෙත් නේවාසික පහසුකම්වල තත්ත්වය ඛේදජනක වූ අතර සේවිකාවන්ගේ ආරක්‍ෂාව අවදානමකට ලක්වී තිබිණි. එම අවස්ථාවේ නේවාසික ප‍්‍රමාණය හා ඒවායේ තත්ත්වය ඉහළ නැංවීම උදෙසා අයෝජන මණ්ඩලය හා එක් වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඉදිරිපත් විය. මෙය ද සේවක ශුභ සාධනයට අනුකූල විය. මෙවැනි කටයුතු තවත් වර්ධනය කළ යුතුයි.

7. දකුණු ආසියානු රටවල් හා සසදන විට ඇතැම් විට රැුකියාවන්හි නියුක්ත ස්ත‍්‍රීන් ප‍්‍රමාණය වැඩි වීම හේතු කොටගෙන ශ‍්‍රී ලංකාවේ උපදින බර ප‍්‍රමාණයන් අඩු බිළි`දුන් ප‍්‍රතිශතය වැඩි බව සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වූ විට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඉදිරිපත් වී ශ‍්‍රී ලංකාවේ පෝෂණ වේදීන්ගේ උපදෙස් ඇතිව සේව්‍යයනට හා සේවා නියුක්තයනට උපදේශන වැඩ සටහනක් ආරම්භ කළේය. ඉන්දියාවේ කරන ලද පර්යේෂණයකින් ඔප්පු වී ඇත්තේ සේවක පිරිස වඩාත් සෞඛ්‍ය සම්පන්න වූ විට ඵලදායීතාවය වැඩි වී, නිෂ්පාදන දෝශ ප‍්‍රමාණය අඩුවී හදිසි අනතුරුවලට ඇති නැඹුරුව අඩු වන බවය. එබැවින් එවැනි මැදිහත් වීම් තුළින් ශ‍්‍රීලංකාව තර`ගකාරීත්වයේ ස්ථානගත වීම ඉහළ නැංවීමෙහි ලා වැදගත් කාර්ය භාරයක් ඉටු කරීමෙට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට හැකියාවක් තිබේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හා සේවක අර්ථසාධක අරමුදල ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් තිබේ. ප‍්‍රතිපත්ති සම්පාදකයන් සේවා නියුකතයන් ගේ භාර අරමුදලේ ප‍්‍රයෝජනවත් අරමුණු අමතක නොකර, එකම මණ්ඩලයක් ම`ගින් කළමණාකරණය කරනු ලබන අරමුදල් දෙකක් සකස් කොට සිය රැුකියා නියුතු කාල පර්ච්ෙඡ්දය තුළ සේවා නියුක්තයනට සෙත සලසන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් වඩාත් සුරක්‍ෂිත වැඩ පොළක් සපයා වඩාත් සෞඛ්‍ය සම්පන්න සේවක පිරිසක් ඇති කරන ශිල්පක‍්‍රම ප‍්‍රවර්ධනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

සුනිල් ජී. විජේසිංහ 1989 සිට 1994 දක්වා වූ කාල පරිච්ජේදය තුළ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ

Sunil G Wijesinha

සභාපතිධූරය දැරුවේය. ඉන් අනතුරුව තුන් වරක්ම හෙතෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් සේවය කර ඇත. හෙතෙම වරලත් ඉංජිනේරුවරයෙක්, වරලත් කළමනාකාරිත්ව ගණකාධිකාරිවරයෙක් මෙන්ම සුදුසුකම් ලත් ඵලදායිතාව වෘත්තිකයෙක් වේ. දැනට කළමණාකරණ උපදේශකවරයෙකු ලෙස සේවය කරන හෙතෙම, කොටස් වෙළඳපොළේ ලයිසන් ගතවූ හා ලයිස්තු ගතනොවූ සමාගම් කීපයක සභාපතිවරයාද වන්නේය. ජාතික සංවර්ධන බැකුවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සම්පත් බැංකුවේ කලින් සිටි නියෝජ්‍ය සභාපතිවරයෙකුවූ හෙතෙම ලංකා සේව්‍ය සම්මේලනයේ සභාපති ධූරය හා ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති ධුරය හොබවා ඇත.

Leave a reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *