Hayleys Free Zone ලිමිටඩ් සමාගම
Hayleys Free Zone ලිමිටඩ් සමාගම

එංගලන්තෙන් ගෙන ආ “කුණු කන්ද” ආපසු පටවා අවසන්

Hayleys Free Zone කියයි

මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අපද්‍රව්‍ය රැගත් බහාලුම් පිළිබඳව Hayleys Free Zone ලිමිටඩ් සමාගම විසින් කෙරෙන ලද නිවේදනයකි.

බාසල් (BASEL) සම්මුතියට ප‍්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ප‍්‍රවාහනය කළ නොහැකි අතරමෙම බහාලුම් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මුලිකත්වය මත පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මින් බහාලුම් යම් ප‍්‍රමාණයක් මුලදී ප‍්‍රතිඅපනයනය කිරීමට කටයුතු කර ඇති අතරඅද දින (21) අදාළ ඉතිරි බහාලුම් 45 යළි එක්සත් රාජධානිය වෙත යැවීමට කටයුතු කර තිබේ.

අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේඑක්සත් රාජධානියේ 241, B High Street North, London, England E21 6SJ යන ලිපිනයට අයත් M/s Vangaads Ltd යන සමාගම විසින් වන අතරඒ අදාළ බහාලුම් නො. 12පාර්ක් පාරකොළඹ 05 යන ලිපිනය දරන M/s ETL Colombo Pvt Ltd නම් පෞද්ගලික සමාගම අතරමැදියකු ලෙස ක‍්‍රියාකරමින් 1574වින්සන් පාර්ක් II, ඇවරිවත්ත පාරවත්තල යන ලිපිනය දරන M/s. Ceylon Metal Corporation Pvt Ltd නම් පෞද්ගලික සමාගමට භාර දීම සඳහාය.

මෙම අපද්‍රව්‍ය බහාලුම් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාළව Hayleys Free Zone සමාගමට චෝදනා එල්ල වූ මුත්, Hayleys Free Zone සමාගම අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය සම්බන්දව ක‍්‍රියාකර ඇත්තේ භාණ්ඩ ආනයනය කළ පාර්ශවයට සේවා සපයන්නෙකු  (logistics service provider) ලෙස පමණි.

ඒ අනුව, Hayleys Free Zone සමාගම මෙහි සැපයුම් සේවා පාර්ශවය ලෙස සිය සේවාවන් ලබා දීමට පමණක් කටයුතු කර ඇති අතරඅදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබද කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමු.

Hayleys Free Zone ලිමිටඩ් සමාගම
Hayleys Free Zone ලිමිටඩ් සමාගම

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Zeen is a next generation WordPress theme. It’s powerful, beautifully designed and comes with everything you need to engage your visitors and increase conversions.

Zeen Subscribe
A customizable subscription slide-in box to promote your newsletter
[mc4wp_form id="314"]