සිංගප්පුරුවේ සහ එංගලන්තයේ විශේෂ ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවෙලක් දියත් කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව හා කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු යොදා ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසිය.
මේ අනුව රජයේ සුරැකුම්පත් සදහා විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනිම සදහා සිංගප්පුරු ආයෝජකයින් හා හමුවක් අද (22 ) හා හෙට ( 23 )පැවැත්විමට මහ බැංකුව කටයුතු සුදානම් කර තිබිණි.
මෙම හමු මහබැංකු අධිපති නිවාඩ් කබිරාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවැත්විමට කටයුතු යොදා තිබු බව සදහන්ය.
සිංගප්පුරු ආයෝජන හමුවට සහභාගිවිම සදහා මහබැංකු නියෝජිත පිරිසක් එරට බලා යාමට මෙයට පෙර නියමිතව තිබිණි.
නමුත් එම නියෝජිත පිරිස අතර සිටි මහබැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානයක්කාර මහතා ප්රමුඛ කිහිපදෙනෙකු කොවිඩ් වසංගතයට ගොදුරු විම නිසා අදාල සංචාරය අවලංගු කර ඇත.
ඒ අනුව අදාල ආයෝජන හමු මාර්ගගතව පැවැත්විමට තිරණය කර තිබු බව මහබැංකු ප්‍රකාශකයෙක් කිය.
මෙයට අමතරව මාර්තු 28 දා ලණ්ඩන් කොටස් වෙළෙඳපොළ ආශ්‍රීතව විශේෂ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධන වැඩසටහනක් දියත්කිරිමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු සුදානම් කරමින් පවතින බව එම ආයතනය කියයි.
මේ සදහා ශ්‍රී ලංකා මහබැංකුවේ හා කොටළ කොටස් වෙළෙඳ පොළ සහායද ලබා ගන්නා බව ද සදහන්ය .